දළ දේශීය නිෂ්පාදිතය තුළ ඒ ඒ පළාත්වලට හිමි පංගුව මෙන්න !

2024 වසරේ දී ද බස්නාහිර පළාත ආර්ථිකයට ප්‍රධානම දායකත්වය ලබා දී ඇති අතර අනෙකුත් පළාත්වල සමස්ත දායකත්වය පසුගිය වසරට සාරේක්ෂව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2024 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වය (සියයට 42.4) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. බස්නාහිර පළාතේ  මෙම ඉහළ දායකත්වය  විශේෂයෙන් සේවා සහ කර්මාන්ත අංශය තුළ කැපී පෙුණි.

සමස්ත ද.දෙ.නි සඳහා වන ඉහළම දායකත්වය පිළිවෙළින්, වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් ලබා දී ඇත. තව ද, මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරගමු සහ ඌව යන පළාත්වලින් නාමික දළ දේශීය නිෂ්පාදිතයට ලබා දුන් දායකත්වය 2023 වර්ෂයට සාපේක්ෂව 2024 දී ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website