රැසක නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසයි. ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් සහ මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී ඇතැයි ඔහු පැවසීය.
උඩුදුම්බර ප්‍ර දේශයට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති අතර රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇතැයි ද ඔහු පැවසුවේය.
තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳ විස්තරයක් මෙතෙක් ලැබී නොමැති බවද පැවසු සේනාධීර මහතා, අද දිනයේදීත් වැසි ලැබීමට නියමිත බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ජීවිත ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙස ද අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියේය.








