ආපදා සහන සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් අද උදෑසන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව රාජ්‍ය මුදල් කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුව විසින් විවාද කර අනුමත කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website