
කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත මේ ඊයේ (16) පස්වරු 04.00 වන විට ඇතුළත් වී දත්ත ප්‍රමණාය නැතහොත් විමසීම් ප්‍රමාණය 29,649ක් වන බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
මෙම විමසීම් අතරින් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් නිෂ්පාදන අංශයට අදාළව ආපදාවට පත් කර්මාන්ත 9628ක්, ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර 12,300ක්, සුළු පරිමාණ ව්‍යපාර 9844ක්, මධ්‍ය පරිමාණ ව්‍යපාර 6644ක් සහ මහා පරිමාණ ව්‍යපාර 861ක් බවට වාර්තා වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින එනම් ඊයේ (16) පස්වරු 2න් පසු අවසන් වූ අතර ඉදිරි කටයුතු මාධ්‍ය හරහා දැනුවත් කරනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.















