2016 වසරේ සිදු වූ ගංවතුර හේතුවෙන් හානි පූර්ණය සඳහා රුපියල් බිලියන 7.51ක් ජනතාවට ලබා දුන් නමුත්, ප්රතිරක්ෂණ ප්‍රතිසාධනය සිදුව ඇත්තේ රුපියල් බිලියන 1.42ක් බැවින්, එහි දී රජයට රුපියල් බිලියන 5.79ක පාඩුවක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය හඳුනා ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අනාවරණය කළේය.
එම රක්ෂණ ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යන්නේ නම් එය රජයට වාසි සහගත සහ ප්‍රතිලාභීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසෙන පරිදි වන රක්ෂණ ක්‍රමයක් විය යුතු බවත්, එය නැවතත් ආරම්භ කරන්නේ නම් විශේෂඥ උපදෙස් ලබාගෙන එහි අත්‍යවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
මෙම තොරතුරු හෙළි වූයේ ඊයේ (15) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරයයේ දීය.












