අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වසරක ප්‍රගතිය මෙන්න !

2025.01.01 දින සිට 2025.10.31 දින දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 7167ක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාව විසින් අද (15) දින නිකුත් කළ ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව- ප්‍රගති වාර්තාව 2025’ නම් වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාව සඳහන් කරන ආකාරයට 2025 වර්ෂය ආරම්භයේ දී පැවැති පැමිණිලි සංඛ්‍යාව 240ක් වන අතර 2025.01.01 දින සිට 2025.10.31 දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7167කි. පෙර පැමිණිලි සමාන බැවින් අදාළ ගොනුවල‌ට යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 496කි.

පැමිණිලි කමිටුව ඉදිරිපත් කළ පැමිණිලි සංඛ්‍යාව 4385න් වන අතර විමර්ශන සඳහා නියෝග ලද පැමිණිලි සංඛ්‍යාව 391කි. ප්‍රමාණවත් කරුණු නොතිබිම සහ පනතට අදාළ නොවීම යන හේතු මත විමර්ශන නොකිරීම සඳහා නියෝග ලද පැමිණිලි සංඛ්‍යාව 1828ක් වන අතර පනතට අනුකූල නොවීම හේතුවෙන් වෙනත් ආයතන වෙත යොමු කරන ලද පැමිණිලි සංඛ්‍යාව 790කි.

ප්‍රකාශන සටහන් කරන ගැනීමට විමර්ශන අංශ වෙත යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 441ක් වන අතර වාර්තා කැඳවීමට හා වෙනත් අමතර කරුණු සඳහා යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 935ක් වන අතර අත ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව 2526කි.

වැටලීම් සම්බන්ධ තොරතුරු

2025.01.01 දින සිට 2025.10.31 වැනි දින දක්වා කාලය තුළ වැටලීම් 110ක් කර ඇති අතර, ඵලදායී වැටලීම් සංඛ්‍යාව 56කි. ඵලදායී නොවූ වැටලීම් සංඛ්‍යාව 48ක් වූ අතර වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 70කි. මෙම සැකකරුවන් ආයතන 24කට අයත් වන අතර වැඩිම සැකකරුවන් පිරිසක් (20) අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියෙනි. ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධිත සැකකරුවන් 10ක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් ද මේ අතර සිටිති.

නඩු පැවරීම

අදාළ කාලය තුළ අල්ලස් නඩු 56, දූෂණ නඩු 18ක්, අයුතු වත්කම් ඉපයීම් 13ක් ඇතුළු නඩු 87ක්  මහාධිකරණවල පවරා ඇත. අදාළ කාලය තුළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 17ක් ද, මහාධිකරණවල නඩු 267ක් ද, ත්‍රිපුද්ගල මහාධිකරණයේ එක් නඩුවක් ද විභාග වෙමින් පවතී. අදාළ කාලය තුළ පුද්ගලයින් 38 දෙනකු වරදකරුවන් වී ඇති අතර වරදකරුවන් වූ නඩු සංඛ්‍යාව 32කි.

උපුටා ගැනීම. https://sinhala.ciaboc.gov.lk/ Monthly_Progress_January_-_October_Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website