15 හැවිරිදි පිරිමි ළමයා අපයෝජනය කළ දහම් පාසල් ගුරාට වසර 24ක බරපතළ සිරදඬුවම්

15 හැවිරිදි පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව අධිකරණය හමුවේ ඔප්පු වූ දහම් පාසල් ගුරුවරයෙකුට මොනරාගල මහාධිකරණය පසුගිය දා  (30) බරපතළ වැඩ සහිත වසර 24ක සිර දඬුවමක් නියම කළේය.

2015 වසරේ දී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම දඬුවම් නියම කිරීම විශේෂත්වයකි.

මෙසේ දඬුවම් නියම වූයේ ඇතිමලේ පදිංචි උරුම්මුත්ත ගමගේ චන්දන (47) නම් පුද්ගලයෙකුටය. ඔහු 2015 වර්ෂයේ දී අදාළ දහම් පාසල් සිසුවා බයිසිකලයෙන් රහසිගත ස්ථානයකට ගෙන ගොස් ලිංගික අපයෝජනය කර තිබේ.

චූදිතයා චෝදනා දෙකකට වරදකරු වූ අතර එක් එක් චෝදනාව යටතේ වසර 12ක බරපතල වැඩ සහිත වසර 24ක සිර දඬුවමක් මහාධිකරණය නියම කළ අතර එය වසර 12කින් එකවර ගෙවිය යුතු වසර 24 ක සිර දඬුවමකි.

එක් එක් චෝදනාව යටතේ චූදිතයාට රුපියල් 100,000ක දඩයක් නියම කළ අතර වින්දිතයාට වන්දි වශයෙන් රුපියල් 500,000 ක් ගෙවීමට නියෝග කරන ලදී. දඩය නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් වසරක ලිහිල් සිර දඬුවමක් සහ වන්දි ගෙවීම පැහැර හරින්නේ නම් වසර තුනක ලිහිල් සිර දඬුවමක් ද මහාධිකරණය විසින්  නියම කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website