ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මැයි මස 20 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (අප්‍රේල් 22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සැකකාර සුරේෂ් සලේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අදාළ පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.















