
බෙලිඅත්ත සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබිය දී සාගරිකා සීඝ්රගාමී දුම්රිය පීලි පැනීමක් සිදු වූ වාද්දුව ප්රදේශය අසල වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අද (27) සිට සුපුරුදු පරිදි ක්රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
පසුගිය සිකුරාදා සිදු වූ පීලි පැනීමක් හේතුවෙන් වාද්දුව ප්රදේශයේ සහ ඒ අවට වෙරළබඩ මාර්ගයේ දුම්රිය මෙහෙයුම් තාවකාලිකව නතර කරන ලදී.
දුම්රිය මාර්ගයේ හානියට පත් කොටස සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ආරක්ෂිතව ගමන් කිරීම සඳහා යථා තත්ත්වයට පත් කර ඇති බව බලධාරීන් තහවුරු කළේය.













