2006 වර්ෂයේ සිට සිදු වූ සියලුම ගල් අඟුරු ආනයනය සම්බන්ධ ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම අද (27) නිල වශයෙන් සිය පරීක්ෂණ ආරම්භ කරන බව කොමිසමේ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග කොමිසමේ සභාපතිත්වය දරන අතර අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කොමිසමේ සාමාජිකයින් ලෙස ජනපතිවරයා විසින් පත් කර ඇත.
2006 වර්ෂයේ සිට සිදු කළ ගල් අඟුරු ප්‍රසම්පාදන ගනුදෙනුවල නීත්‍යානුකූලභාවය සහ විනිවිදභාවය විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලතල මෙම කොමිෂමට පැවරී ඇත.
මෙම ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටින මහජන නිවේදන ඉදිරි දිනවලදී නිකුත් කරන බව කොමිසමේ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පැවසීය.










