මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා නිල සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.
මාලදිවයිනේ ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ආර්යාව, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වනු ඇත.
2023 දී බලයට පත්වීමෙන් පසු මාලදිවයින් ජනපතිවරයා ශ්‍රී ලංකාවට කරන පළමු සංචාරය මෙයයි.
මෙම සංචාරය අතරතුර, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති මුයිසු මහතා ජනාධිපති දිසානායක මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර ක්ෂේත්‍ර කිහිපයක් හරහා සහයෝගීතාව පුළුල් කිරීම සඳහා අන්‍යෝන්‍ය කැපවීම පිළිබිඹු කරමින් මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ.
මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ සංචාරය සැලකිල්ලට ගනිමින් අද (03( දහවල් සිට කොළඹ සහ කටුනායක ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ අද දහවල් සිට මැයි 6 වන දින දක්වා ඔහුගේ ගමන් මාර්ගවල රථවාහන ප්‍රවාහය වරින් වර සීමා කරන බවයි. මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව ද පොලිසිය පැවසුවේය.













