පොහොට්ටුවේ පළාත් පාලන කොට්ඨාශ රැස්වීම් මාලාවේ කැස්බෑව ජනහමුව සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයේ ජන හමු ඊයේ (12) පැවැත්විණි.

කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගල මහතාගේ අධීක්ෂණයෙන්, තුම්බෝවිල කොට්ඨාස සංවිධායක දුෂාන්ත ප්‍රනාන්දු මහතා, මාම්පේ කොට්ඨාස සංවිධායකවරුන් වන සුමන රණවීර,අනුර මදුරංග සහ බටකැත්ත දකුණ කොට්ඨාස සංවිධායක කැස්බෑව නාගරික මන්ත්‍රී ධම්මික ලොකුගේ යන මහත්වරුන් මෙම ජන හමු සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් සහ එම කොට්ඨාසයේ පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website