කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 මැයි මස 14 වන දින පෙ.ව 08.30 දක්වා වලංගු වන පරිදි 2026 මැයි මස 13 වන දින පෙ.ව. 09.30 නිකුත් කරන ලදී.
දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය.













