කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 මැයි මස 13 වන දින ප.ව. 03.30 දක්වා වලංගු වන පරිදි අද (13) දින පෙ.ව. 06.30 නිකුත් කරන ලද තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 200ට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.












