මිදිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (11) රාත්රියේ මිදිගම පොලිස් වසමේ පිංවත්ත ප්රදේශය සංචාරක හෝටලයක් තුල ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු හා නේපාල ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 25 ත් 35 අතර පසුවන්නන් වේ.
මෙම සැකකරුවන් වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගැනීම හා පරිගණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මිදිගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි
පොලිස් විශේෂ කාර්ය බලකා අක්මීමණ කඳවුර – විදෙස් ජාතික සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට
2026.05.11 වන දින හික්කඩුව පොලිස් වසමේ දොඩන්දූව ප්රදේශයේ නවාතැන්පක් තුළදී පරිගණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු හා නේපාල ජාතිකයින් 20 දෙනෙකු හා ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා අක්මීමන කඳවුරේ නිලධාරීන් කටයුතු කර ඇත.
සැකකරුවන් සතුව තිබූ පරිගනක යන්ත්ර 25 ක්, ජංගම දුරකථන 119 ක්, මුදල් රුපියල් 750,000/- (හත්ලක්ෂ පනස් දහසක්) ක්, කාර් රථයක් හා ජීප් රථයක් හික්කඩුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. විදෙස් ජාතිකයින් පිරිස වයස අවුරුදු 20 ත් 48 ත් අතර පසුවන්නන්ය.
අත්අඩංගුවට ගත් ලැගුම්හල් හිමිකරු වයස අවුරුදු 43 ක් වන දොඩම්දූව ප්රදේශයේ පදිංචිකරුවෙකි. හික්කඩුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ගාල්ල පොලිස් ස්ථානය – විදෙස් ජාතික සැකකරුවන් 110 දෙනෙකු අත්අඩංගුවට
ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 2026.05.11 වන දින ගාල්ල පොලිස් වසමේ ගල්වඩුගොඩ හා ශ්රී සුමේධ මාවත ප්රදේශවල වැටලීම් දෙකක් සිදුකර ලැගුම්හල් දෙකක් තුල නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිඝණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 19 ත් 35 ත් අතර වයස්වල පසුවන්නන්ය.
සැකකරුවන් සන්තකයේ තිබී පරිඝනක යන්ත්ර 58 ක්, ජංගම දුරකථන 79 ක්, පොලිස් භාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
04)ගාල්ල වරාය පොලිස් ස්ථානය – විදෙස් ජාතික සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට
2026.05.11 වන දින ගාල්ල වරාය පොලිස් වසමේ මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්රදේශවලදී පරිගණක අපරාධ සිදුකිරීමට සැකපිට ඉන්දීය ජාතිකයින් 19 දෙනෙකු හා නේපාල ජාතිකයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 21ත් 47ත් අතර පසුවන්නන්ය.
සැකකරුවන් සතුව තිබූ පරිගනක යන්ත්ර 10 ක්, ජංගම දුරකථන 32 ක්, ගාල්ල වරාය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. හික්කඩුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.















