බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව්ගේ ආරාධනයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මැයි 12 සිට 15 දක්වා බෙලරුස් හි නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගිය වසරේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 25 වන සංවත්සරය සැමරීමත් සමඟ මෙම සංචාරය ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
මින්ස්ක් වෙත කරන ලද සංචාරයේදී, අමාත්‍ය හේරත් මහතා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමුවීමට නියමිත අතර බෙලරුස් විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
අමාත්‍ය හේරත් මහතා බෙලරුස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් ද හමුවීමට නියමිතය. මෙම සංචාරයේදී බෙලරුස් ජනරජය සමඟ විවිධ අංශ හරහා අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.
මින්ස්ක්හිදී, අමාත්‍ය හේරත් මහතා බෙලරුස් හි ජාතික අපනයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික සහ සංචාරක වටමේස රැස්වීමක් අමතනු ඇත.
ඔහු බෙලරුස් හි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් හමුවීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.















