ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ දිස්ත්‍රික් කාන්තා කටයුතු සංවිධායකවරියන් සඳහා පත්වීම් ලිපි ලබාදීම පසුගිය දා බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ, හිටපු අමාත්‍යවරුන් වන සී.බී රත්නායක, රමේෂ් පතිරණ, මොහාන් ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී වීරසිංහ, තිස්ස කුට්ටිආරච්චි, නිමල් පියතිස්ස යන මහත්වරුන් සහභාගී වූූහ.












