දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි: බස්නාහිර ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website