ගොවිජනතාව අසලටම ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කොට විසඳුම් ලබාදීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අදහසකට අනුව ‘ගොවිජන සභාව’ නමින් වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත.
මෙහි අරමුණ වන්නේ ගොවිජනතාව අසලටම ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කොට විසඳුම් ලබාදීම වන අතර මෙම වැඩසටහනේ තේමාව වන්නේ ‘ගොවිජන බලය සමඟ පෙරට – ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස’ යන්නයි.
වත්මන් ආණ්ඩුව බලය ලබාගෙන වසර එකහමාරක කාලය තුළ ගොවිජනතාව වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය සහ ගොවිජනතාවට මෙහි ප්රතිලාභ ලැබෙන ආකාරය විමසා බැලීමක් ද මෙහිදී සිදුවෙයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මූලික කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් මූලික අදියර යටතේ ගොවිජන සභා 1000ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මිනිපේ වම් ඉවුර ගොවි පදනම සංවිධානය සහ මොරගහකන්ද ඒකාබද්ද ගොවි පදනම සංවිධානය කළ ගොවිජන සභාවට පසුගිය දා අමාත්‍යවරයා සහභාගී විය. මෙහිදී ගොවි ගැටලු සඳහා විසඳුම් ලබාදීම සහ අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදීම ද සිදුවිය.
යකිසි ගොවි සංවිධානයකට ගොවිජන සභාවක් සංවිධානය කිරීමට අවශ්‍ය නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හරහා කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කොට මෙම අවස්තාව ලබා ගැනීමට කටයුතු කරන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.















