ඊයේ (11) රාත්‍රී මිදිගම පොලිස් වසමේ පිංවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ දී මිදිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර එහි ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු හා නේපාල ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 25 ත් 35 අතර වයස්වල පසුවේ.
මෙම සැකකරුවන් වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගැනීම හා පරිඝණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මිදිගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















