අම්පාර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාට ලැබුණු විශේෂ තොරතුරකට අනුව, පසුගිය මැයි 09 වන දින කාරතිවු වෙට්ටුවයික්කල් පාලම අසලදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා මෙම මෙහෙයුම ආරම්භ කර ඇත. එහිදී කාරතිවු දෙස සිට අක්කරපත්තුව දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.
අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 41ක් වූ පුත්තලම, උඩප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කාරතිවු ප්‍රදේශයේ තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇත. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, ජාවාරමට යොදාගත් ජංගම දුරකථනයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පළමු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, ඔහු පදිංචිව සිටි කාරතිවු ප්‍රදේශයේ කුලී නිවසක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී එහි රැඳී සිටි 31 හැවිරිදි කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නිළධාරීන් සමත් විය.
එහිදි
• අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 100 ක්
• හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 250 ක්
• මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 80,000 ක මුදලක්
• මත්ද්‍රව්‍ය කිරුම් සඳහා යොදාගත් කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදියක්
• ජංගම දුරකථන දෙකක්
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කාර්තිව් පොලිස්තානය මගින් හා අම්පාර කොට්ඨාශ දූෂණ මර්ධන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















