
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ඉඩම් හෝ ස්ථාවර වත්කම් ඇප ලෙස නොතබා ව්‍යාපාර ශක්‍යතාව මත ණය ගැනීමට හැකි ‘ඇප රහිත ණය ක්‍රමයක්’ ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇතැයි ව්‍යවසාය සංවර්ධ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.
‘ඇප රහිත ණය ක්‍රමය කියන්නෙ ඉඩම් හෝ ස්ථාවර වත්කම් ඇප ලෙස නොතබා ව්‍යාපාර ශක්‍යතාව මත ණය ගැනීමට හැකි ක්‍රමයක්. මේ සදහා රජය 70% සුරැකුමක් ලබාදෙන අතර බැංකුව හෝ මූල්‍ය ආයතනය 30%ක සුරැකුමක් ලබා දෙනවා. මේ ණය ලබා ගන්නා කාන්තා ව්‍යවසායකත්වට රජයේ දායකත්වය 80%ක සුරැකුමක් ලබා දෙනවා” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මෙම ණය යෝජනා ක්‍රමය හරහා මේ වන විට ඇපකර 1747ක් නිකුත් කර ඇති අතර ඇපකරවල වටිනාකම: රුපියල් මිලියන 7,779ක් බව ද සක්‍රීය කර ඇති මුළු ණය වටිනාකම රුපියල් මිලියන 11,700ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
“මේ කිසිදු ඇපකරයකට ඇමති හෝ කිසිදු දේශපාලන යාන්ත්‍රනක අවසරයක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඔබේ අදාළ බැංකුව හරහා NCGI එකෙන් අයදුම් කරන්න පුළුවන්. මෙම ණය ඔබට ලබා දෙන්න සුදුසු වන්නේ ඔබේ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහයේ ශක්තිමත් භාවය අනුව. ඒක තීරණය කරන්නෙ බැංකුව හා අනුමත කරන්නෙ NCGI එක. මෙම ණය ක්‍රමය පිළිබඳ ඔබේ බැංකුව විසින් ඔබව දැනුවත් නොකරන්නේ නම් හෝ අයුක්ති සහගත ලෙස ප්‍රතික්ෂේප කළහොත් ඔබට NCGI සහාය සෘජුව ලබාගන්න පුළුවන්. උනන්දුවක් තියන දක්ෂ ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මෙම ණය ක්‍රමය මහත් ශක්තියක්. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 25 දක්වා මෙම ක්‍රමය විවෘතයි” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහන යටතේ කොටස් හිමිකාර මූල්‍ය ආයතන 13ක් හරහා නම්‍යශීලී කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා ගැනීමට ව්‍යවසායකයන්ට අවස්ථාව උදා වෙන අතර. ජාතික ණය සුරැකුම් ආයතනයේ ඉලක්කය වන්නේ 2026 දෙසැම්බර් වන විට මෙම ණය වටිනාකම රුපියල් මිලියන 23,700 දක්වා ඉහළ නැංවීමට බව ද ඔහු පැවසුවේය.
“ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගන්න මහන්සි වෙන්න. අපේ රටේ නොමැති නව ප්‍රාග්ධන සම්පාදන ක්‍රම ඉදිරියටත් නිර්මාණය වේවි. ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කර ගැනීමට සහ රටේ ආර්ථිකයට සක්‍රීයව දායක වීමට අදම සම්බන්ධ වන්න” යැයි ඉල්ලා සිටි චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පහත සඳහන් ක්‍රම ඔස්සේ අදාළ තොරතුරු ලබාගත හැකි බව ද කීවේය.
📞 දුරකථන: +94 705 777 805
📧 විද්‍යුත් තැපෑල: info@ncgil.lk
🌐 වෙබ් අඩවිය: www.ncgil.lk
















