කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වූ රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක් සඳහා මුල්ගල් තැබීම පසුගිය දා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛව රසායන හා ජීව විද්‍යා තාක්ෂණ ආයතනය එක්ව මෙහි කටයුතු සිදුකරන බව වාර්තා වෙයි.
මෙම රසාරසායනාගාරය 2027 වර්ෂය අවසන් වීමට පෙර සාදා නිමකිරීමට සැලසුම්කර ඇති අතර ඒ සඳහා යන මුලු වියදමෙන් මිලියන 24ක පමණ මුදලක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දරණු ඇත.
මේඝ
- Loading stock data...







