ශ්රී ලංකා හෙද විශ්ව විද්යාලය පිහිටුවීමට අදාළව ශ්රී ලංකා හෙද විශ්ව විද්යාල පණත පාර්ලිමේන්තුවේ අනුමත කරගැනීම හා කඩිනමින් විශ්ව විද්යාල ආරම්භ කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අවධානය යොමු වී ඇත.
ප්රධාන රෝහල්වල පරිණත හෙද නිළධාරීන්ගේ අඩුව සපුරාලීම මූලිකව හේතු කොට ගෙන රාජ්ය සේවා එක්සත් හෙද සංගමය සමඟ සෞඛ්ය හා ජනමාධ්ය ඇමැති වෛද්ය නලින් ජයතිස්ස මහතා සමඟ ඉකුත්දා අමාත්යාංශයේ දී පැවැති සාකච්ඡාවේදී ඉහත කරුණු ගැන අවධාරණය කොට තිබිණ.
සටහන
ඇම්. ඩී. ධර්මසිරි







