කන්ටේනර් 323 යළි ඇදෙයි

කිසිඳුම පරීක්ෂාවක් නොකර රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර් 323 ගැන ප්රශ්නය පසුගිය දින කිහිපය තුළ යටපත්ව තිබුණ ද අද ( 26 ) ඒ පිළිබඳව නැවතත් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.
නීතිඥවරු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති අතර නීතිඥවරු 20ක් පමණ මෙම සිදූවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලමින් අල්ලස් කොමිසම වෙත අද( 26 ) පැමිණි බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
හදිසියේ නැවත වතාවක් මතුවූ මෙම තත්ත්වය හේතුවෙන් කන්ටේනර් 323 ප්රශ්නය යළිත් ඇදෙන ලකුණු මතුව ඇති බව සැලය.
දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website