සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යාංශ ලේකම්, අනිල් ජාසිංහ විසින් හදිසියේම චක්ර ලේඛයක් නිකුත් කරයි.
එම චක්ර ලේඛයට අනුව සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යාංශයේ පුරප්පාඩු තනතුරු සඳහා නවක නිලධාරින් බඳවා ගැනීම සීමාකර ඇති බවත්, ඒ
හේතුවෙන් දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම් නැවත දැනුම් දෙනතුරු නවතා දැමීමට සිදුවන බවත් ඔහු පවසා සිටියේය.
එලෙසම පසුගිය ආර්ථික අර්බුද සමයෙහි රාජ්ය සේවකයන්ට වසර 5ක නිවාඩු ලබා විදෙස් රැකියාවල නිරත වීමට අවස්ථාවන් ලබා දුන් අතර මෙම අලුත් චක්ර ලේඛයට අනුව එම නිවාඩු අනුමත කිරීම් ද අවලංගුකර ඇති බව ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී වැඩිදුරටත් සඳහන් විය.
දමයන්ති








