සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්රනාන්දු මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
අනෙකුත් වාහන සඳහා සුදු සහ කහ පැහැති තහඩු දිගටම ලැබෙන බව ද තුෂාර ප්රනාන්දු මහා වැඩි දුරටත් සඳහන් කළේය.
2026 ජුනි 10 සිට අගෝස්තු 31 දක්වා ලියාපදිංචි තහඩු 56,233ක් සහ 2023 සහ 2024 දී ලියාපදිංචි තහඩු 32,507ක් ඇතුළුව ලියාපදිංචි වාහන 88,740ක් සඳහා නව අංක තහඩු සකස් කර ඇත.
නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයෙන් තම අංක තහඩු ලබා ගන්නා ලෙස මොටර් රථ කොමසාරිස් ජනරාල්වරයා මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටී.












