කනගරායන්කුලම පොලිස් වසමේ නෙඳුන්කේණී ප්‍රදේශයේදී ඊයේ (15) වගා ඉඩමක සිටි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇති බවට කනගරායන්කුලම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 56 ක් වූ නෙඳුන්කේණි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තම වගා ඉඩමේ සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
AI තාක්ෂණයෙන් ජනනය කළ ඡායාරූපයකි – සංස්කාරක








