පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහනට කැබිනට් අනුමැතිය

මෙරට තුළ පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සඳහා සහ ඉදිරි මාසවල ඇතිවේ යැයි පුරෝකථනය කරනු ලැබ ඇති එල්නිනෝ තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීමේ සහ තිරසර වගා ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා සුළු පරිමාණ පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ අරමුණින් පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

එම වැඩසටහන යටතේ 2026 වසරේ දී අක්කර 85,000ක් පමණ වන පොල් ඉඩම් ප්‍රමාණයක් ආවරණය කිරීමට ද අඛණ්ඩව වසර 03ක කාලයක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කර ඇත. ඒ අනුව අක්කර 05ක් ‌හෝ ඊට අඩු පොල් ඉඩම් හිමි සුළු පරිමාණ පොල් වගාකරුවන් වෙත පහත සඳහන් කාර්යයන් සඳහා වැය කරනු ලබන මුදලින් 65%ක උපරිමයයකට යටත්ව දිරිගැන්වීම් ලබා දීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතලපහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (10) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව පොල් වගවාට පොහොර සහ ඩොලමයිට් යොදා වසුන් කිරීම සඳහා එක් පොල් ගසකට රුපියල් 700ක්, පොල් වගාවට ඩොලමයිට් යොදා වසුන් කිරීම සඳහා එක් පොල් ගසකට රුපියල් 200ක් සහ පොල් ඉඩමේ ජල සම්පදානය සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ලබාදීමට පියවර ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website