හෙට (02) දින සිට දින තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද කන්නන්ගර මහතා පැවසීය.
දිස්ත්‍රික්ක 6 ක් පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 124ක ඩෙංගු අධි අවදානම් මට්ටමින් අඛණ්ඩව පැතිර යන බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
මේ වන විට ඩෙංගු ආසාදිත පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති අතර රෝගීන් 54,000කට වඩා වාර්තා වී ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.














