වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ‘දන්සල්’ 2,388ක් මේ දක්වා ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් ලියාපදිංචි කිරීම මැයි 29 වන දින දක්වා අඛණ්ඩව සිදුවන බවයි. දන්සල් සංවිධානය කිරීමට අදහස් කරන අය හැකි ඉක්මනින් එය ලියාපදිංචි කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.














