දිට්වාගෙන් පීඩාවට පත්වූ පවුල්වලට ලබා දෙන දීමනා ගැන තොරතුරු එළියට

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පවුල්වලට ලබා දෙන දීමනා ගෙවීම් සම්බන්ධ දත්ත ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද (30) නිවේදනය කළේය.

ඒ අනුව රුපියල් 25,000ක දීමනාව ලැබීමට පවුල් 450,225ක් සුදුසුකම් ලබා ඇති අතර 87.4%කට වැඩි පවුල් ප්‍රමාණයකට දැනටමත් දීමනා ගෙවා ඇත.

රුපියල් 50,000ක දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති පවුල් 153,593ක ප්‍රමාණයෙන් 8.63%ක් සඳහා අදාළ දීමනාව ගෙවා අවසන්ය.

එසේම පීඩාවටපත් පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 15,000ක දීමනාව  ලබාගැනීමට සුදුසුකම් ලැබූ දරුවන් 216,142ක ප්‍රමාණයෙන් 14.9%ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට හැකිවී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දීමනා ගෙවීම් කිහිපයක් නිම කිරීමට බලාපොරොත්තු වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website