මතුගම – අලුත්ගම මාර්ගයේ සිදුවූ කැබ් – යතුරුපැදි අනතුරකින් කුඩා දැරියක් මරුට

අලුත්ගම සිට මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක් අලුත්ගම මතුගම මාර්ගයේ 05 කණු හන්දිය අසල දී මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරුගේ තුන් හැවිරිදි දියණිය මිය ගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු, දැරිය දර්ගා නගර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කර යවා ඇත. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු වැලිපැන්න පොලිසිය විසින් දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය දැරිය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website