ග්‍රාමීය හා වතු පාසල් සිසුවියන් මිලියනයකට සනීපාරක්ෂක තුවා ලබා දීමට පියවර

ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් අවාසි සහගත ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් ජාතික වැඩසටහනක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024 දී ආරම්භ කරන ලද පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන 2026 දී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වුණේය. එහි දී අග්‍රාමාත්‍යවරිය මේ බව හෙළි කළාය.

මෙහි දී සිසුවියන්ට තම අභිමතය පරිදි අවශ්‍යතාව අනුව සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම, ප්‍රදේශයන්හි භූගෝලීය විෂමතාවන් මත වවුචර්පත් සහ සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ ක්‍රමවේද සකස් කිරීම සහ පරිසර හිතකාමී ලෙස භාවිතයෙන් පසු සනීපාරක්ෂක තුවා ඉවත දැමීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ක්‍රියාත්මක කිරීම වැනි කරුණු කෙරෙහි ද මෙහිදී  අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.

මෙම වැඩසටහන වෙනුවෙන් රජය රුපියල් බිලියන 1.44ක් වෙන් කර ඇති අතර සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා සිසුවියන් වෙත වාර්ෂිකව රුපියල් 1,440ක් වටිනා තිළිණ පතක්  ප්‍රදානය කිරීමටත්, පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත එම තිළිණපත් බෙදා හැරීමටත්  නියමිතය.

සනීපාරක්ෂක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ලත් ආයතන හරහා පාසල් වෙත ගොස් සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ කටයුතු  ඒ අනුව සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website