ඊසාන දිග මෝසම සක්‍රීය වීම සමඟ පැමිණිය හැකි ආපදා හානි අවම කර ගැනීමට DMC පූර්ව සූදානමක

DSC 8443 800x534

ඊසාන දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පාර්ශවකාර ආයතනවල පවතින පූර්ව සූදානම් කටයුතු පිළිබඳව විමසා බැලීමත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන අනුව ඇතිවිය හැකි ආපදා අවදානම පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෝසම් පෙර  සුදානම් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (10) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණේය.

ඊසාන දිග මෝසම් සක්‍රීය විමත් සමග පසුගිය වර්ෂ 30 ක කාල සීමාවකට අදාලව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සළාකා බැලීමේදී උතුරු පළාත තුළ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත්, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහ බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුෂා වර්ණසූරිය මහත්මිය පෙන්වා දෙන ලදී.

විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එසේ වුවහොත් අධික වැසි, ගංවතුර සහ නායයෑම් සිදුවිය හැකි බැවින්, අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස් සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර කෙරෙහි මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහි දී ඇය පෙන්වා දුන්නාය.

නායයෑමේ අවදානම ඉහළට

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ තවදුරටත් අවදානම් සහිත බැවින් ඉදිරි මෝසම් වර්ෂාවත් සමග මෙම තත්ත්වය තවදුරටත් අවදානම් විය හැකි බවත් මිලිමීටර් 50ක පමණ වර්ෂාපතනයක දී පවා නායයෑම් තත්ත්වයක් ඇති විය හැකි බැවින් තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන අවදානම් නිවේදන අනුව කටයුතු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පෙන්වා දෙන ලදී.

වර්තමානය වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආපදා හේතුවෙන් වර්ධනය වන අවදානම් තත්ත්ත්ව කිසිවක් වාර්තා නොවන බවත් මෝසම් වර්ෂාව සමග ඩෙංගු සහ මී උණ තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් තමා ජීවත්වන වටපිටාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් වෛද්‍ය අසංග වෙදමුල්ල මහතා පෙන්වා දෙන ලදී.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදාව, පොලීසිය‚ රාජ්‍යය නොවන ආයතන හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී වු අතර දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරන නිළධාරීන් ආපදා තත්ත්වයක දී සෙවීම් හා මුදවාගැනීම් කණ්ඩායම් සහ උපකරණ මෝසම් වර්ෂාවට පෙර නිසි ආකාරයෙන් ස්ථාන ගත කිරීමේ වැදගත් කම අවධාරණය කරන ලදී.

ඇති විය හැකි ආපදාවන් හා ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අදාල ආයතන හා පාර්ශව දැනුවත් කළ අතර අදාල ආපදා තත්ත්වය සඳහා පූර්ව සූදානමින් සිට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමෙහි වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website