ඉන්දියාව ශ්‍රී ලංකාවට ටොන් 300කට අධික මානුෂීය සහනාධාර පරිත්‍යාග කළේය.
මෙම තොගය ඊයේ (07) කොළඹට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් භාර දෙන ලදී. එය රජය වෙනුවෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්යක්ෂ ජනරාල්වරයා විසින් භාර ගන්නා ලදී.











