ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (08) දින පස්වරු 12.00ට නිකුත් කළ නිල නිවේදනය මගින් මහ නුවර දිස්ත්රික්කයේ හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්බාගේ කෝරළය, දෙල්තොට, පූජාපිටිය, ගඟ ඉහළ කෝරළය, පන්විල, ගඟවට කෝරළය, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ ග්රාම නිලධාරී වයසම්වලට, කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරණායක, යටියන්තොට, රඹුක්කන සහ වරකාපොල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ ග්රාම නිලධාරී වයසම්වලට, කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම, මල්ලවපිටිය සහ රිදීගම න ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ ග්රාම නිලධාරී වයසම්වලට සහ මාතලේ දිස්ත්රික්කයේ නාඋල, විල්ගමුව, පල්ලේපොල, අඹන්ගඟ කෝරළේ, ලග්ගල පල්ලේගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ ග්රාම නිලධාරී වයසම්වලට, නායයෑමේ අදියර 03 (ඉවත් වීම) රතු නිවේදන නිකුත් කර ඇත.












