අනාගත ස්වභාවික ආපදාවන් කළමනාකරණයට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට සාධාරණ සමාජයෙන් යෝජනා

අනාගතයේ සිදු විය හැකි ස්වභාවික ආපදාවන් කළමනාකරණය කරගැනීම සඳහා නොපමාවම සැලසුම් සකස් කර ගනිමින් අන්තර්ජාතික ගෞරවයට ද පාත්‍ර වි ඇති ශ්‍රී ලාංකික විද්වතුන් ද එයට සම්බන්ධ කරගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කියයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් අද (08) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

මැත ඉතිහාසයේ පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවට අත්විදීමට සිදු වූ කාලගුණික ආපදාවයන් ද ඇතුළු සුනාමි වැනි විපත් සැළකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණය උදෙසා නිසි සැළසුමක් සහිත දීර්ඝකාලින වැඩසටහනක් සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාවය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරනු කැමැත්තෙමු.

එහි දි දේශගුණික විපර්යාස පිළිබඳව ක්‍රියා කරන දැවැන්ත අරමුදල් සහිත ජාත්‍යන්තර ආයතන ගනණාවක් ලෝකය පුරා ක්‍රියාත්මක වන අතර ඒ්වායෙහි ශ්‍රී ලාංකික විද්වතුන් බොහෝ දෙනෙක් ද ප්‍රමුඛ වගකිම් දරමින් ක්‍රීයා කරන අතර එකී ආයතන හරහා මේ වන විට මූල්‍යමය හා අනෙකුත් සහායන් ලබාගෙන ඇත්තේ රටවල් කිහිපයක් පමණි. වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකාව ද එයට අයත් ය. එමෙන් ම පරිසර ආරක්ෂණය වෙනුවෙන් නොබෙල් ත්‍යාගලාභියෙකු ද ශ්‍රී ලංකාවෙන් බිහිකර සිටීම අප වාසනාවක් කොට සළකා එකී පිරිස් හා ආයතන වෙතින් රටක් ලෙස අප වෙත උපරිම දායකත්වයක් ලබාගැනීමේ හැකියාව ඇති බව ද සිහිපත් කරනු කැමැත්තෙමු.

මෙවර අප මුහුණ දුන් සුළි කුණාටුව හේතුවෙන් හා නාය යෑමේ විපතින් පීඩාවට පත් වූ ජනතාවට සහන සැළසීම සඳහා ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය හා ස්වේච්ඡා සංවිධාන මෙන් ම සාමාන්‍ය පුරවැසියන් ද කටයුතු කරමින් සිටින ආකාරය ගෞරවයෙන් සිහිපත් කරන අතර එහිදි ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් පෙන්නුම් කරමින් සිටින පරිත්‍යාගශීලිත්වය හා කැපවීම අගය කල යුතුය. එය එසේ වූවත් අප වැනි රටකට මෙවැනි විපත් මඟින් සිදු කරන විනාශය තවදුරටත් දරාගත හැකි යයි අපේක්ෂා කල යුතු නොවේ.

එබැවින් එවැනි තත්ත්වයන් ඉදිරියේ සිදු වන විනාශයන් අවම කරගැනිම සඳහා එවැනි විනාශයන් තුළ ජනතාව උපරිම ආකාරයෙන් ආරක්ෂා කරගැනිම සඳහාත් දීර්ඝකාලීන සැළසුමකට රටක් ලෙස අප යොමු විය යුතුව තිබේ. එහිදි 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත තවදුරටත් ශක්තිමත් කල යුතුව ඇති අතර මේ වන විට සිදුව ඇති ආපදාවට මුහුණදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන්හිදී ද එකී පනතේ විධි විධානයන්ට අනුකූලව  කටයුතු කිරීමේ වැදගත්කම ද අපි අවධාරණය කරන්නෙමු.

එමෙන් ම මෙවැනි තත්ත්වයන් හමුවේදී ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන්හි දි පාර්ලිමේන්තුවේ සියළුම පාර්ශ්ව සහභාගි කරගනිමින් පොදු සම්මුතියකට අනුව කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද අවධාරණය කරනු කැමැත්තෙමු.

කරු ජයසූරිය, නායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

2025.12.08

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website