කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් මස 01 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිල නිවේදනය
උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කි.මී. 340ක් උතුරු දෙසින්, උතුරු අක්ෂාංශ 12.8 සහ නැගෙනහිර දේශාංශ 80.6 ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇත.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වමින් නිකුත් කල අනතුරු ඇඟවීම ඉවත් කර ඇත.
වැසි තත්ත්වය: කළුතර සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා සහ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.
සුළඟ: සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.















