උසස් පෙළ ඇතුළු සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දැමූ බව විභාග කොමසාරිස් යළි තහවුරු කරයි

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය යළි අවධාරණය කළාය.

විභාග කොමසාරිම් ජනරාල්වරිය පැවසුවේ විදුලිය බිඳ වැටීම සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් විභාග කල්දැමීම  සම්බන්ධව විමසමින් විභාග දෙපාර්තමේන්තුව වෙත ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත් ඒ අනුව මෙම පියවර නැවත දැනුම් දීමට පියවර ගත් බවය.

ඒ අනුව අදාළ විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවත් පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ ද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website