විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහ විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවයි

දිවයින පුරා මතුව ඇති හදිසි ආපදා තත්ත්වයට මුහුණපා ඇති ජනතාව ආරක්ෂා කිරීම හා සහන සැලසීම ත වදුරයත් විධිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් අද (28) පිහිටුවීමට කටයුතු කෙරිණි.

මෙම විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ විපතට පත්ව ඇති ජනතාවට සහන සැලසීමේ යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ස්වේච්ඡා සංවිධාන, මාධ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු සියලු පාර්ශවයන් අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම හා එම ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමයි.

තව ද මෙම විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය යටකේ විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයක් ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ යටතේ පිහිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website