සියලුම International schools තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලුම ජාත්‍යන්තර පාසල් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව නියෝග කර තිබේ.

පවතින තත්ත්වය මධ්‍යයේ සිසුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

පාසල් වසා දැමීම ක්‍රියාත්මක කිරීමේදී පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස සහ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ඔහු අදාළ සියලුම පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website