භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොළ අත්අඩංගුවට

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (17) නිකුත් කළ නිවේදනයක සහන් වේ.

දූෂණය නැමති වරද සිදුකිරීම සම්බන්ධයෙන් අනුර වල්පොළ මහතා අත්අඩංගුවට ගත් බව ද එම නිවේදනයේ වැඩි දුරටත්  සඳහන් වේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2020.02.11 වන දින ඉදිරිපත් කර ඇති මණ්ඩල පත්‍රිකාවට අදාළව පවත්වා ඇති 2020.02.13 දිනැති 304/15 සහ 2020.02.25 දිනැති 305/02 දරණ කළමණාකරන මණ්ඩල රැස්වීම් වල දී, බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියෙහි සඳහන් නියමිත ක්‍රමවේදය අනුව බඳවාගන්නා ලෙසට නියෝග ලබා දී තිබිය දී, එම නියෝගය ක්‍රියාත්මක නොකර නියමිත ක්‍රමවේදයෙන් බැහැරව නීතිවිරෝධී ලෙස කේ. දුලානි අනුපමා යන අයට කාර්යාංශයට අනුබද්ධ ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගම මගින් පත්වීම් ලිපියක් ලබා දී භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) තනතුර සඳහා අනුයුක්ත කිරීමට කටයුතු කර ආයතනයේ වසරකට වැඩි කාලයක් සේවය කිරීමට අවස්ථාව ලබා දී වැටුප් සහ අනෙකුත් දීමනා ලබා දෙමින් ඇයට වාසියක් ලබා දීම මගින් දූෂණය නැමති වරද සිදු කිරීම සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති සහ හිටපු කළමණාකරන මණ්ඩලයේ සභාපති අනුර වල්පොල යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.11.17 දින පෙ.ව. 09.10 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website