ඖෂධ වර්ග 350ක් සඳහා පාලන මිලක් නියම කළා – ජාතික ඖෂධ නියාමන අධිකාරිය

ඖෂධ වර්ග 350ක් සඳහා පාලන මිලක් නියම කෙරේ

ඖෂධ වර්ග 350ක් සඳහා පාලන මිලක් නියම කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

මෙම ඖෂධ ලයිස්තුව තුළ විවිධ ලෙඩ රෝග ගණනාවක් සඳහා ලබා දෙන ඖෂධ අඩංගු වන බව ද බොහෝ ඖෂධ සඳහා සැලකිය යුතු මිල අඩු කිරීමක් හිමිවන බව ද ඔහු අවධාරණය කළේය.

පසුගිය මාස කිහිපය තුළ ඖෂධ සඳහා මිල නියම කිරීම ඇරඹූ බව ද එලෙස පසුගිය කාලය තුළ මිල නියම කරන ලද ඖෂධ 350ක ලයිස්තුව පසුගිය 16 වැනිදා ප්‍රකාශයට පත් කළ බව ද සභාපතිවරයා පැවසුවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

රටේ භාවිතා වන ඖෂධවල මිල නියාමනය කිරීමේ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට හිමිවන බව කී සභාපතිවරයා ඒ අනූව 2016 හා 2017 වර්ෂ වල ඖෂධ කාණ්ඩ 60ක උපරිම සීමා මිලක් නියම කළ බව ද පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website