ශ්‍රී ලංකාවේ වන අලි උපත් අනුපාතය 2013 වසරට සාපේක්ෂව සියයට 21 කින් පහත වැටී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ 2013 දී අවසන් වරය කරන ලද වන අලි සංණනයට සාපේක්ෂව ඔවුන් අතර උපත් අනුපාතය මේ ආකාරයෙන් පහළ වැටී ඇති බවයි.
සංගණනයේදී ගණනය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ වන අලි ගහනය පිරිමි සතුන් 8000ක් පමණ විය හැකි අතර ඔවුන් අතර පැටවුන් 420 දෙනක පමණ වාර්තා වී තිබේ.
2024 දී සිදු කළ නවතම සමීක්ෂණයෙන් “වන අලි වර්ධන වේගයේ පැහැදිලි අඩුවීමක්” පෙන්නුම් කරන බවත්, දිගුකාලීන ජනගහන තිරසාරභාවය පිළිබඳ කනස්සල්ල මතු කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
2024 සමීක්ෂණය බටහිර වනජීවී කලාපය හැර වනජීවී කලාප 12ක් පුරා විහිදී ගිය අතර පරිපාලන හා සැපයුම් ගැටලු හේතුවෙන් මාස 15 කට වැඩි කාලයක් ප්‍රමාදයන්ට මුහුණ දුන්නේය.
2024 අගෝස්තු 17 සිට 19 දක්වා පවත්වන ලද මෙම දිවයින පුරා සමීක්ෂණය දිවා රාත්‍රී කාල රාමු පහක් භාවිතා කරමින් නිරීක්ෂණ ස්ථාන 3,130ක් ආවරණය කළේය. දත්ත රැස් කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ, අනෙකුත් රාජ්‍ය ආයතනවල, විශ්ව විද්‍යාලවල, සිවිල් ආරක්ෂක බලකායේ සහ ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් සම්බන්ධ විය. අලි වාසස්ථානවල ආරක්ෂාව සහතික කිරීම සඳහා කණ්ඩායම් උස් වේදිකා සහ ආරක්ෂිත ස්ථානවල සිට ක්‍රියාත්මක විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සමීක්ෂණය අලි ඇතුන්ගේ නිශ්චිත සංඛ්‍යාව තීරණය කිරීම අරමුණු කරගත් සාම්ප්‍රදායික සංගණනයක් නොවන බවත්, තක්සේරු කිරීම සඳහා පුළුල් දත්ත රැස් කිරීමේ උත්සාහයක් බවත්ය.
ශ්‍රී ලංකාව අවසන් වරට රට පුරා අලි සංගණනයක් පැවැත්වූයේ 2011 දී වන අතර එමඟින් අලි ඇතුන් 5,000ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත.













