
සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනක් එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමකගේ විශේෂ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
මෙම විශේෂ විශේෂ පුහුණු වැඩසටහන් මාලාව මෙවර පවත්වනුයේ සිව්වන වරට ය. මේ වෙනුවෙන් මහාචාර්ය විල් බ්‍රෝටන් මහතා සහ එම පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමට මෙරටින් කිසිදු ගෙවීමක් හෝ මූල්‍ය දායකත්වයක් ලබා නොගන්නා අතර ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ එම විද්වත් කණ්ඩායම විසින් දරනු ලබයි.
මෙම පුහුණුව සාර්ථකව නිමකරන හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා දීමට ද නියමිතය.
“ජීවිතයක් සුරැකීම” යන්න ප්‍රමුඛ අභිමතාර්ථය කරගනිමින් 1990 සුවසැරිය පදනම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතකින් බලාත්මක කර ඇත. ආරම්භයේ දී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ “සුවසැරිය” ජාතික හදිසි ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය විසින් පවත්වා ගෙන යනු ලබයි.
මෙම පුහුණු වැඩසටහන සඳහා සුවසැරිය පදනමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රීලාල් ද සිල්වා, පුහුණු වැඩසටහන් ප්‍රධානී ස්ටැනෝෂන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම විශේෂ පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පස්වරුවේ නිරීක්ෂණට ලක්කළ අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ.











