පුහුණු ආයතන විසින් අනවසරයෙන් ලාංඡනය භාවිතා කිරීමට එරෙහිව ICTA අනතුරු අඟවයි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) පුහුණු ආයතන විසින් තම ලාංඡනය අනවසරයෙන් භාවිතා කිරීම පිළිබ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය, ආයතනය විසින් එහි පාර්ශවකරුවන් සඳහා නිල වශයෙන් පවත්වනු ලබන වැඩමුළු හෝ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා අදාළ නොවන බව ICTA අවධාරණය කළේය.

ICTAට අනුව කිසිදු සංවිධානයකට ICTA ලාංඡනය භාවිතා කිරීමට අවසර දී නොමැති අතර, එවැනි ඕනෑම ක්‍රියාවක් නීති විරෝධී ලෙස සලකනු ලැබේ. මෙම ක්‍රියාවෙහි නියැලී සිටින ආයතනවලට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ICTA ප්‍රකාශ කර ඇත.

තෙවන පාර්ශ්වයන් විසින් පවත්වනු ලබන පාඨමාලා නිරීක්ෂණය කිරීම හෝ වලංගු කිරීම සිදු නොකරන බවත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලා පිරිනැමීම සඳහා කිසිදු පුහුණු ආයතනයක් සමඟ හවුල් නොවන බවත් ICTA සිය නිවේදනයෙන් අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website