පෙනීම විකෘති කරන අක්ෂි ආබාධයක් වන Keratoconus අවදානම ඉහළට

කාලෝචිත ලෙස හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් කෙරටොකෝනස් බරපතළ පෙනීමේ දුර්වලතා ඇති කළ හැකි බවට අනතුරු අඟවමින්, කල් ඇතිව පරීක්ෂා කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම කරන වෛද්‍ය රත්නායක ඉල්ලා සිටියාය.

පෙනීම විකෘති කරන අක්ෂි ආබාධයක් වන කෙරටොකෝනස් / Keratoconus  පාසල් දරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් අතර වැඩි වැඩියෙන් අනාවරණය වෙමින් පවතින බව කෝනියා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක පැවසුවාය.

ඇය පැවසුවේ, කලක් දුර්ලභ යැයි සැලකූ මෙම තත්ත්වය දැන් අවුරුදු අටක් තරම් කුඩා දරුවන් අතර පවා මතුවෙමින් පවතින බවයි.

ලෝක කෙරටොකෝනස් දිනය / World Keratoconus Day සනිටුහන් කරමින් අද (10) කොළඹ අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමුවේ දී ඇය මේ බව හෙළි කළාය.

කෙරටොකෝනස් රෝගය සම්බන්ධයෙන් ජාතික සමීක්ෂණයක් තවමත් සිදු කර නොමැති වුව ද බොහෝ රෝගීන් වයස අවුරුදු 10 ත් 40 ත් අතර වන බවත්, මෙම ආබාධය සාමාන්‍යයෙන් නව යොවුන් වියේ හෝ වැඩිහිටි වියේ දී ආරම්භ වන බවත් වෛද්‍ය රත්නායක සඳහන් කළාය.

මෙම රෝගයේ පවුල් ඉතිහාසයක් ඇති අය, නිතර ඇස් අතුල්ලමින් සිටීම, වසන්ත කෙරටොකොන්ජන්ක්ටිවයිටිස් වැනි අසාත්මික අක්ෂි රෝග හෝ ඩවුන් සින්ඩ්‍රෝමය සහ සම්බන්ධක පටක ආබාධ වැනි තත්වයන් ඇති අය වැඩි අවදානමක් ඇති බව ඇය පැවසුවාය.

කාලෝචිත ලෙස හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් කෙරටොකෝනස් බරපතළ පෙනීමේ දුර්වලතා ඇති කළ හැකි බවට අනතුරු අඟවමින්, කල් ඇතිව පරීක්ෂා කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම කරන වෛද්‍ය රත්නායක ඉල්ලා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website