මතභේදාත්මක සූර්ය බලශක්ති ව්‍යාපෘති 10න් රජය සතුටු කරන්නේ කවුද ?

ස්ථාපිත ක්‍රියා පටිපාටි මඟ හරිමින් කැබිනට් අනුකමිටුවක් හරහා සූර්ය බලශක්ති ව්‍යාපෘති 10ක් අනුමත කිරීමට රජය උත්සාහ කරන බවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් සෑම විදුලි පාරිභෝගිකයෙකුටම වාර්ෂිකව රුපියල් 33,600ක අමතර මූල්‍ය බරක් පැටවෙනු ඇති බවත් විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසයි.

රජය දැනටමත් ව්‍යාපෘති 10 සඳහා සම්ප්‍රේෂණ පිරිවැය රුපියල් බිලියන 233කට වඩා ඇස්තමේන්තු කර ඇති අතර එම බර මහජනතා මත පැටවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“ඒ කියන්නේ කලින් පෞද්ගලික සමාගම් විසින් දරන ලද වියදමක් දැන් ජනතාවගේ කර මතට වැටෙනවා. සාමාන්‍යයෙන් සමාගමක් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරන විට නීතියෙන් නියම කර ඇති පරිදි විදුලි සම්ප්‍රේෂණ පිරිවැය එය විසින් දැරිය යුතුයි. කෙසේ වෙතත් තෝරාගත් සමාගම් දහයක් වෙනුවෙන් එම වියදම් පියවා ගැනීමට රජය දැන් සූදානම් වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ මිලියන 6.9ක් වන විදුලි පාරිභෝගිකයින් අතර බෙදා දුන් විට, මෙය එක් පාරිභෝගිකයෙකුට වාර්ෂිකව අමතර රුපියල් 33,600ක වැය බරක්” ඔහු සඳහන් කළේය.

සංජීව ධම්මික පැවසුවේ රජය සාමාන්‍යයෙන් සූර්ය බලශක්තිය ඒකකයකට රුපියල් 17.60 කට මිලදී ගත්ත ද, අඩු මිලට මෙගාවොට් 300 කට වඩා ලබා දීමට කැමති සැපයුම්කරුවන් සිටිය ද, එම ව්‍යාපෘති 10 න් ඒකකයකට රුපියල් 18 කට විදුලිය මිලදී ගැනීමට එකඟ වූ බවයි.

“මෙය ඩීසල් විදුලිබල උත්පාදනය ප්‍රතිස්ථාපනය කළ මතභේදාත්මක LNG ගිවිසුමට සමානයි,” ඔහු පැවසීය.

“මේක සූර්ය බලශක්ති ප්‍රවර්ධනයක් නෙවෙයි – සමාගම් කිහිපයක ප්‍රයෝජනය සඳහා ජනතාව මත බර පැටවීමේ නව ක්‍රමයක්,” ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website