
පසුගිය වසරේ ඔටාවා හි සිදු වූ සමූහ පිහි ඇනුමකින් දරුවන් හතර දෙනෙකු, ඔවුන්ගේ මව සහ සමීප පවුලේ මිතුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 20 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා වරද පිළිගෙන තිබේ.
2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් පස් දෙනකු සහ එම පවුලේ මිතුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරද පිළිගත් ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණ ශ්‍රී ලාංකිකයාට කැනේඩියානු අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය ප්‍රකාශ කළේ සැකකරු වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විඳිය යුතුය බවය.
චූදිත ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් සැකකරු ඊයේ (06) අධිකරණය හමුවේ සිය වරද පිළිගත්තේය.
එවකට 20 වැනි වියේ පසු වූ ෆෙබ්‍රියෝ ඩි – සොයිසා විසින් දර්ශනී බණ්ඩාරනායක (35) සහ දරුවන් වූ ඉනූක වික්‍රමසිංහ (07), අශ්විනී වික්‍රමසිංහ (04), රින්යානා වික්‍රමසිංහ (02), කෙලී වික්‍රමසිංහ (02) සහ පවුලේ මිතුරෙකු සහ ඔවුන්ගේ නිවසේ කුලී නිවැසියෙකු වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් ඝාතනය කළ අතර ඝාතකයාගේ ප්‍රහාරයෙන් දර්ශනීගේ සැමියා වන ධනුෂ්ක වික්‍රමසිංහ තුවාල ලැබීය.
නඩුව විභාග කළ විනිසුරු කෙවින් ෆිලිප්ස් මෙම සමූහ ඝාතනය ඔටාවා නගර ඉතිහාසයේ දරුණුතම අපරාධවලින් එකක් ලෙස හැඳින්වූ අතර, ඩි-සොයිසාට පැවසුවේ ඔහු “ලස්සන පවුල් දෙකක්” විනාශ කර ප්‍රජාව භීතියට හා අවමානයට ලක් කළ බවයි.
ඩි-සොයිසා තම නිවසට ගෙන ආ පවුලක විශ්වාසය කඩ කළ බවත්, පිහිය “විකාර සහගත බලපෑමක්” ඇති කිරීමට භාවිතා කළ බවත් විනිසුරු පිලිප්ස් පැවසීය. ප්‍රචණ්ඩත්වයේ මට්ටම ඔහු හැඳින්වූයේ “මෝඩකම, බිහිසුණු – යක්ෂාවේශයක්” ලෙසය.
“ඔයා නම් බියකරු සිහින දකින කෙනෙක්. ඔයා ගොඩක් පාඩු සහ දුක ඇති කළා. මට එක දිගට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන්න පුළුවන් නම්, මම එහෙම කරනවා.” විනිසුරුවරයා වැඩි දුරටත් පැවසීය.
ඩි-සොයිසාගේ විත්තිකාර නීතිඥවරයා උසාවියෙන් පිටත මාධ්‍යයට පැවසුවේ මෙම පෙත්සම සාකච්ඡාමය යෝජනාවක ප්‍රතිඵලයක් බවයි.
පැමිණිල්ලේ නීතිඥවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ, පිහි ප්‍රහාරයෙන් බේරී තම පවුල බේරා ගැනීමට උත්සාහ කළ නිර්භීත පියාගේ සාක්ෂිය හේතුවෙන් ඩි සොයිසා වරදකරු කිරීම නොවැළැක්විය හැකි බවයි.
ඉහළ ඡායාරූපය – දියණිය රණයාගේ තුන්වන උපන්දින සාදයේදී වික්‍රමසිංහ පවුල. වමේ සිට: පියා ධනුෂ්ක වික්‍රමසිංහ; මාස දෙකක දියණිය කෙලී; දියණියන් වන අශ්විනි, අවුරුදු 4, සහ රණයා, අවුරුදු 3; පුතා ඉනුක, අවුරුදු 7; සහ මව දර්ශනී ඩිලන්තිකා ඒකනායක, අවුරුදු 35. (ෆේස්බුක්)
















